මුදිතා (Muditha) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් තෙවන විහරණය මුදිතාවයි. අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම, පී‍්‍රතිවීම, මුදිතා ගුණයයි. අන්‍යයන්ගේ දුක් දොම්නස්, කරදර හිරිහැර ආදියේදී අනුකම්පාව දැක්වීම තරමට අනුන්ගේ සැපත සතුට දියුණුව දැක සතුටුවීම, හෝ පී‍්‍රතිවීම පහසු දෙයක් නොවනු ඇත. එම අපහසු තත්ත්වය, යම් පුද්ගලයකුට තම සිත තුළ පහළ කර ගත හැක්කේ, නම් එය උසස්ම ස්වභාවයකි.
සතුටට පත්වන්නේ තම නෑදෑයකු හිතවතකු නිසාද එය මුදිතාව නොවන අතර, කිසිදු භේදයක් නැතිව සමාජයේ ඕනෑම කෙනෙකුගේ සැපවත්වීම දැක අවංක සිතින් සතුටුවීම මුදිතා ගුණයයි. අල්ලස් ගැනීම, දූෂණය, සොරකම් කිරීම, මංකොල්ලකෑම ආදී දුසිරිත් තුළින් ධනවත්ව පී‍්‍රතිවන පුද්ගලයකු කෙරෙහි ඇති කර ගත යුත්තේ මුදිතාව නොව කරුණාවකි. දැනට තාවකාලික සතුටක්, ලැබුවත් ඔහු විසින් කරන ලද දුසිරිත් නිසාම අනාගතයේ දුකට පත්වන අන්දම සිතා බැලීමෙන් ඇතිවන්නේ අනුකම්පාවකි. මුදිතා ගුණයෙන් පිරි සමාජයක, භේද භින්නතා නැති අතර සොම්නස රජ කරයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඉස්මතු නොවේ. ආධ්‍යාත්මික ගුණවගාවෙන් අනූනය.
මුදිතා භාවනාව වැඩීම
මම ආයුෂයෙන් වැඩෙම්වා. – වර්ණයෙන් වැඩෙම්වා.
සැපයෙන් වැඩෙම්වා. – බලයෙන් වැඩෙම්වා.
ප්‍රඥාවෙන් වැඩෙම්වා. – යසසින් වැඩෙම්වා.
කීර්තියෙන් වැඩෙම්වා.
මා මෙන්ම..