කරුණා (Karuna) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් දෙවන විහරණය කරුණාවයි. කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්, දරිද්‍රතාව ආදියෙන් පෙළෙන සත්ත්වයා, කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කොට ඉන් ගලවා ගැනීම, කරුණාවෙන් හදවත පුරවා ගත් පුද්ගලයාගේ ස්වභාවයයි.
මිනිසකුගේ පමණක් නොව තිරිසන් සතකුගේ පවා අසරණභාවය, දුක්ඛිත භාවය දැක පිහිට වේ. ජාති, කුල, ආගම්, පරපුර, උස් පහත්කම් ආදිය ගැන නොසැලකේ. ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ තමන් දුක් පීඩා විඳිමින් වූවද, අන්‍යයන් දුක් පීඩාදියෙන් මුදවා ගෙන සැපවත් කිරීමට වෙහෙසෙති. තම සුඛ විහරණය ගැන පමණක් නොසිතන ඔවුහු සමාජයකට මහාර්ඝ වස්තු වේ. ආත්මාර්ථකාමීව, පටු හැඟීමෙන් ක්‍රියා කරන්නාට කරුණාව ව්‍යාප්ත කිරීම අසීරුය. කෙටියෙන් දක්වතොත් කරුණාව තම නිවසට, කාර්යාලයට, වැඩපොළට, ගමට රටට, ජාතියට පමණක් සීමා කර ගත යුත්තක් නොව, සමස්ත විශ්වයටම පොදුවේ ව්‍යාප්ත කරලිය යුතු, උතුම් ගුණ ධර්මයකි. මහා කරුණාවෙන් පිරි උතුමෝ, සමස්ත විශ්වය සිය පවුල ලෙස සලකා, අනුකම්පාවෙන් ක්‍රියාකර සෑම සත්ත්වයකුටම ශාන්තිය උදාකරති. ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේ ඊට හොඳම නිදසුනකි.
කරුණා භාවනාව වැඩීම
මම කායික පීඩා නැත්තෙක් වෙම්වා.
මානසික පීඩා නැත්තෙක් වෙම්වා.
කායික සුවයෙන් සුවපත් වෙම්වා.
මානසික සුවයෙන් සුවපත් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා.
මා මෙන්ම………