මෙත්තා (Meththa) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් පළමු විහරණය මෙත්තා හෙවත් මෛත්‍රීයයි. මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව, සැපෙන් යුතුව ජීවත්වනු දැකීමයි. ද්වේෂයෙන් තොරව සමාජය දෙස බැලීමෙන් මෙම උතුම් ගුණාංගය ක්‍රම ක්‍රමයෙන් ප්‍රගුණ කර ගත යුතු වේ. ඒ අනුව තමා කෙරෙහි හිතවත්වීම, තම නෑ හිත මිතුරන් කෙරෙහි හිතවත්වීම, මධ්‍යස්ථ පුද්ගලයන් කෙරෙහි හිතවත්වීම, සතුරන් කෙරෙහි හිතවත්වීම ප්‍රගුණ කළ හැකි ය. එකවරම, සමස්ත ලෝකවාසී සියලු සත්වයා වෙත හිතවත්වීම කළ නොහැකි බැවින්, ක්‍රම ක්‍රමයෙන් එය ප්‍රගුණ කර වර්ධනය කොට, ව්‍යාප්ත කළ යුතු ය.
ප්‍රථමයෙන්, තමා තමාට හිතවත්වීම අත්‍යවශ්‍ය වේ. තමාට හිතවත්ව තම හිතසුව සලසා නොගන්නා පුද්ගලයාගෙන්, අනුන්ට හිත සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ අනුව, තමාගේ නිරෝගී බව, සැපවත්බව දියුණුව සැමවිටම ළඟා කර ගත යුතු ය. ඊළඟට පියවරෙන් පියවර මව්පිය, සහෝදර සහෝදරියන්, නෑ හිතවතුන්, ගුරුවරුන්, මධ්‍යස්ථ පිරිස, සතුරන් කෙරෙහි ආදී වශයෙන් හිතවත්බව හිතවත්වීම කළ හැකිවේ. මෙසේ ක්‍රම ක්‍රමයෙන් පුහුණුව වර්ධනය වූ මෛත්‍රී සහගත සිත (හිතකාමීබව) සමස්ත සත්ත්වයා කෙරෙහිම යොදා ගන්නා අන්දම, කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළහ. ඒ අනුව, ක්‍රම ක්‍රමයෙන්, සිත තුළ හිතවත්භාවය වර්ධනය කර ගැනීමට දරන මානසික ව්‍යායාමය, මෛත්‍රී භාවනාව වශයෙන් හැඳින්වේ. එසේ උසස් මට්ටමට වර්ධනය වූ මෛත්‍රීය, බ්‍රහ්ම විහරණයකි.
අප්පමාණ චේතෝ විමුක්තිය – ප්‍රමාණ රහිත කොට, දිශා වශයෙන් මෛත්‍රී භාවනාව වැඩීම
මම වෛර නැත්තෙක් වෙම්වා. – තරහා නැත්තෙක් වෙම්වා.
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා. – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා. – නිවන් දකිත්වා.
මා මෙන්ම, උතුරු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ,
වෛර නැත්තෝ වෙත්වා. – තරහා නැත්තෝ වෙත්වා.
ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. – දුක් පීඩා නැත්තෝ වෙත්වා.
සුවසේ ජීවත් වෙත්වා. – නිවන් දකිත්වා
එමෙන්ම, උතුරු අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, නැගෙනහිර දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, නැගෙනහිර අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, දකුණු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, දකුණු අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, බටහිර දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, බටහිර අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, උඩ දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
එමෙන්ම, යට දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..
මහග්ගත චේතෝ විමුක්තිය – ටිකෙන් ටික මෛත්‍රිය වඩන ප්‍රදේශය පුළුල් කරමින් මෛත්‍රී භාවනාව වැඩීම
මම වෛර නැත්තෙක් වෙම්වා. – තරහා නැත්තෙක් වෙම්වා.
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා. – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා. – නිවන් දකිත්වා.
මා මෙන්ම, මෙම නිවසේ වෙසෙන සියලු සත්ත්වයෝ,
වෛර නැත්තෝ වෙත්වා. – තරහා නැත්තෝ වෙත්වා.
ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. – දුක් පීඩා නැත්තෝ වෙත්වා.
සුවසේ ජීවත් වෙත්වා. – නිවන් දකිත්වා
එමෙන්ම, මෙම නගරයේ වෙසෙන සියලු සත්ත්වයෝ..
එමෙන්ම, මෙම පළාතේ වෙසෙන සියලු සත්ත්වයෝ..
එමෙන්ම, මෙම රටේ වෙසෙන සියලු සත්ත්වයෝ..
එමෙන්ම, මෙම ලෝකයේ වෙසෙන සියලු සත්ත්වයෝ..
එමෙන්ම, මෙම සක්වලෙහි වෙසෙන සියලු සත්ත්වයෝ..
එමෙන්ම, සියලු සත්ත්වයෝ..