වේපචිත්ති සූත්‍රය

pirith suthra in buddhism

වේපචිත්ති සූත්‍රයේ අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා…

” යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපුනොත්, ඒකෙන් පාඩු සිදුවෙන්නෙ තමාටමයි. කේන්ති ගිය කෙනාව හඳුනගෙන, පෙරළා කිපෙන්නෙ නැත්නම්, ඔහු තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය දිනාගන්නෙ…..  
අනුත් කිපුන බව දැනගෙන, තමන් සිහි නුවණින් සංසිඳෙනවා නම්, තමාටත්, අනුන්ටත් දෙපැත්තට යහපත සළසගන්නවා.
තමාටත්, අනුන්ටත්, දෙපැත්තටම සෙත සළසන කෙනා ගැන ධර්මයේ අදක්‍ෂ ජනයා හිතන්නෙ ඔහු මෝඩයෙක්ය කියාය.”

” පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දේවේන්‍ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත් වන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර සැපසම්පත් වලිනුත්, අධිපති බවෙනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා, ඉවසීමේ, කීකරු බවේ, ගුණ කියනවා නෙව. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු ඉතා පිරිසිදුව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්න ඕන. කීකරු වෙන්න ඕන. මේ ශාසනය සෝභමාන කරන්න ඕන….”

වේපචිත්ති සූත්‍රය සංයුක්ත නිකාය – 01

Leave a Reply