වීර්ය පාරමිතාව

wesak pohoya

උතුම් බලාපොරොත්තුවක් ඉටු වන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයයි. පසු බැසීමට හේතු වන කුමක් ඉදිරිපත් වුවද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවී කටයුත් ඇරඹීමටත්, ඇරඹි කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යාමටත් බලවත් ලෙස ප්‍රයන්ත දැරීම වීර්ය පාරමිතාවයි. තණ්හාවෙන්, මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව තමන්ගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස ගන්නා වූ බලවත් උත්සාහය වීර්ය පාරමිතාව නම් වේ.

යම් කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගත යුතු වීර්යය(ආරම්භ ධාතු), ඉදිරිපත් වීමේදී ඇති කර ගත යුතු වීර්ය‍ය(නික්කම ධාතු), නිරත වීමේදී ඇති කර ගත යුතු වීර්යය (පරක්කම ධාතු) යන පියවර තුනේදීම නොපසුබස්නා බව, කැපවීම තිබිය යිතුය. බෝසත්වරුන් මෙම පාරමිතාව පූර්ණය කරන ආකාර තුනකි.

  1. බාහිර වසුතුවලට ආශාවෙන් අත් නොහරින වීර්යය වීර්ය පාරමිතාවයි.
  2. ශරීරාංග වලට ආශාවෙන් අත් නොහරින වීර්යය වීර්ය උපපාරමිතාවයි.
  3. ජීවිතයට ආශාවෙන් අත් නොහරින වීර්යය වීර්ය පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතානන් වහන්සේ වීර්ය පාරමිිිිිිතාව පිරූ ආකාරය වණ්ණුපථ ජාතකයෙන් පැහැදිලි වේ. සම්බෝධිය පිණිස ආත්මාර්ථ පරාර්ථ සාධනයේ නොපසු බස්නා ස්වභාවය වීර්‍ර්යය පාරමිතාව ය. කරගෙන යන්නා වූ පරාර්ථ සාධක ක්‍රියා නැවැත්වීමට හේතු පැමිණීමෙන් නො නවත්වා ඉදිරියට කරගෙන යෑමෙන් වීර්‍ර්යය පාරමිතාව පිරෙන්නේ ය.

Leave a Reply